උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සඳහා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි
වැටලීම් අද (25) සිට ප්‍රධාන තොග අළෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කරමින් කල් ඉකුත් වූ ආහාර හා තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමටත් කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අමතරව ඇඳුම් පැළඳුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ මෙම කාලසීමාව තුළදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවිවන බැවින් අදාළ කාලසීමාව තුළදී සුපිරි වෙළඳසැල්ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්, සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතයි.
උත්සව සමය තුළදී පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු කාර්යාල වේලාව තුළදී 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ එම අධිකාරිය වෙත පැමිණිලි කිරීමටත්, අවශ්‍ය උපදෙස් ලබාගැනීමටත් හැකියාව ඇති බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.