Spread the love

පාර්ලිමේන්තුව ලබන සතියේ දින 3ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. .

ඒ අනුව එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

පෙබරවාරි 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.