Spread the love

නිමල් රාජපක්ෂ-
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද , එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගී ඇති මොහොතක , එවැනි ජනප්‍රිය යෝජනා රැසක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වුහ.

එවැනි යෝජනා යට යෑම වැලැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවද වැඩි දුරටත් පැවසුවේය.
එමෙන්ම මහජන නියෝජතියන් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එමෙන්ම සහනාධාර ලැබිය යුතු ජනතාවට ලබාදෙන සහනාධාර වසර තුනකින් පමණ අහෝසි කිරීමට කටයුතු කරන බවට නගන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රජයේ අරමුණ වසර තුනකින් සහනාධාර නැති කිරීම නොව එම සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
බැංකුවක් මහ බැංකුවේ නියාමනය කිරීම යනු එය වාණීජ්‍ය බැංකුවක් වීමක් නොවන බවද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් අදහස් දැක්වුවේය.

විීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න