Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් ගත් මෝටර් රථය අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී එම දෙසටම ගමන්ගත් අත් ට්‍රැක්ටරයක් ගැටී අනතුරක් සිදුවී ඇත.

අනතුරින් අත්ට්‍රැක්ටරය පැදවු පුද්ගලයා තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සදහා පුත්තලම මුලික රෝහලට ඇතුළු කර ඇතැයි සාලියවැව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරුව සාලියවැව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිළිබද සාලිය වැව පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.