පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13 ක් මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
පළාත් පාලන මැතිවරණ 2025 වර්ෂය සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය වශයෙන් 2025 මැයි මස 6 වන දින මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වශයෙන් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය උපරිම හැකියාවෙන් යුක්තව මේ වන විට කටයුතු කරමින් පවතිනවා. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සඳහා ක්‍රියා කිරීම ඒ වගේම මැතිවරණ ප්‍රචාරක රැලි සහ අනෙකුත් රැස්වීම් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.