Spread the love

වත්මන් පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරය අවසාන කර නව සැසිවාරය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමින් සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරයි.

ඉන් පසු මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටීමට අවධානය යොමුවී ඇති බවද එම වාර්තාව කියා සිටී.

2024 වසර සඳහා වන අයවැය විවාදය මෙම මස 13 වෙනිදා අවසන් වන අතර ඉන් පසු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස මාසයේ මුල් සතියේ ආරම්භ වීමට නියමිතව තිබේ.

එසේ ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ආණ්ඩුව හදිසි අණ පනත් කිහිපයක් සම්මත කරගැනීමේ සූදානමක් ද පවතී.

ඉන් පසු ජනවාරි මස මැද භාගයේදී සැසිවාරය අවසන් කිරීමේ ගැසට්ටුව නිකුත් කිරීමේ සූදානමක් ඇති අතර ඇති බවත් මාර්තු මස මැද භාගයේදී පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින්නේ යැයි ද සඳහන්ය.