තෙත නාඩු වී රුපියල් 95ක් සහ වියළි වී රුපියල් 110ක් ලෙස මිලට ගැනීමට චක්‍රලේඛ එවා ඇති බවට තොරතුරු ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ කොවි සංවිධායක පවසයි.
එහි සභාපති පුංචිරාල රත්නායක මහතා පෙන්වා දෙන්නේ අද ආණ්ඩුවට වුවමනා වී ඇත්තේ වී ගොවියාගේ නිෂ්පාදනය තුට්ටු දෙකට අරගෙන ගොවියා නැත්තටම නැතිකර දමා ආණ්ඩුවේ ගමන යාමට බවයි.
අද වන විට ආණ්ඩුව මුළුමනින්ම වී මිලදී ගැනීම අතහැර දමා ඇති බවටත් පවසන ඔහු මෙය කිසියම් කණ්ඩායමකගේ ඩීල් එකක් යයි සැක සිතන බවද පැවසුවේය.
අද වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා එදා ගොවියාගේ වී කිලෝවට රුපියල් 154ක් ඉල්ලුවද අද 140ක් දෙන්න බැරි බව කියමින් ගොවියාට දොස් පවරමින් සිටින බවද ඔහු කියා සිටී.