Spread the love

පානිය ජලය ඇසුරු කරන ප්ලාස්ටික් බෝතල් නැවත භාවිතයට ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය පවසයි.

ඇතැම් පිරිස් ජලය ගබඩා කිරීම සඳහා එම බෝතල් යලි යලි භාවිතා කරන බවයි.

එහෙත් එම ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතා කිරීම හරහා එම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වල ඇති රසායනිකයන් ජලයට මුසුවෙයි.

එම ඇතැම් රසායනිකයන් පිළිකා කාරක විය හැකිය බවට පර්යේෂණ වලදී අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් පානිය ජලය ඇසුරු කල ප්ලාස්ටික් බෝතල් නැවත ජලය ගබඩා කර පානය කිරීමට යොදා නොගන්නා ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.