පාකිස්තානය තුළ පවතින ගෑස් අර්බුදය හේතුවෙන් කරච්චි නුවර වැසියන් දැඩිව පීඩාවට පත්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාමසාන් උපවාස සමයේදී පවා ගෑස් නොමැතිවීමෙන් කරච්චි වැසියන් පීඩාවට පත්වී ඇතැයි සඳහන් ය.
ගෑස් අර්බුදය හේතුවෙන් ගෘහස්ත පාරිභෝගිකයන්ට ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ දර සහ අධික මිල යටතේ හෝ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම පමණක් බවද එරට මාධ්‍ය පෙන්ව දෙයි.
එහෙත් ඉහළ මිලක් යටතේ හෝ කරච්චි නුවර වැසියන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගෑස් ලබාදීමට ගෑස් සමාගම් අපොහොසත් වී ඇත.
සිද්ධියෙන් කෝපයට පත් කරච්චි වැසියන් නගරයේ ස්ථාන කිහිපයක විරෝධතා ආරම්භ කර තිබේ.