Spread the love

ගායක ධනපාල උඩවත්ත මහතාගේ පුතා පැදවී යැයි කියන මෝටර් රථය යතුරු පැදියක ගමන් ගත් අඹු සැමි යුවළකගේ ගැටීමෙන් ඔවුන් දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි.

මෝටර් රථ රියැදුරු ලෙස කටයුතු කළ ධනපාල උඩවත්ත මහතාගේ පුතු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

වෑතර රෝහලේ සේවය කරන කාන්තාව සේවයට වාර්තා කිරීම සඳහා සැමියා සමග කහතුඩුව කොළඹ මාර්ගයේ වැතර දෙසට යමින් සිටියදී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලද අඹුසැමි යුවළට වෑතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මූලික ප්‍රතිකාර ලබා දී බරපතළ තුවාල ලද කාන්තාව කළුබෝවිල රෝහලටත් ඇයගේ සැමියා කොළඹ ජාතික රෝහලටත් යොමු කර ඇත.