Spread the love

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ උපන්දිනදා වූ 27 වනදා ප්‍රභාකරන්ගේ දියණිය යැයි පවසමින් සමාජ මාධ්‍යන් වෙත නිකුත්කල වීඩියෝව ව්‍යාජ එකක් බවත් එම වීඩියෝවේ සිටිනනේ වෙනත් කාන්තාවක් බවට ආරක්ෂක අංශ මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසයි.

ප්‍රභාකරන්ගේ උපන්දිනයදා සවස් කාලයේදී මෙම වීඩියෝව නිකුත් වූ අතර එම වීඩියෝව මගින් ප්‍රභාකරන්ගේ දියණිය තවමත් ජීවතුන් අතර යැයි පවසමින් ප්‍රභාකරන්ගේ දියණිය ලෙසින් පෙනීසිටමින් ඒ.අයි. තාක්ෂණයන් ඔස්සේ සම්බන්ධවෙමින් පවසා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධනය කරන බවටද පවසමිණි.

කෙසේ වෙතත් අදාල වීඩියෝ පටය පිළිබඳව මේ වන විටත් ආරක්ෂක අංශ විසින් අධීක්ෂණයක් සිදුකරන අතරම වීඩියෝව නරඹා ඇති උතුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් පෙන්වා දී ඇත්තේ,

‘ප්‍රභාකරන් ජීවත්ව සිටිනා සමයේදී හෝ සිය පවුලේ සාමාජිකයින් කිසිදු අයුරකින් ප්‍රවර්ධනය නොකළ බවටත් පැවති යුද්දයේදී පවුලේ සියලු දෙනා මිය ගිය බවටත් මෙය යම් කිසි හෙයකින් ඉන්දියාවේ දේශපාලනික වාසියක් මත නිර්මාණය කරන ලද්දක් බවට සැක පල කරන බවටය.

කෙසේ වෙතත් අදාල වීඩියෝ පටය නිකුත් වීමෙන් පසුව ලොව පුරා සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විශාල ලෙසින් මුදල් එක්රැස් කොට ඇති බවටද වාර්ථා වෙයි.