Spread the love

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පැවති සංඥා දෝෂය යථා තත්වයට පත්කළ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි. ගනේමුල්ල සහ පල්ලේවෙල අතර එම සංඥා දෝෂය අද (11) අළුයම පැවතිනි. ඒ හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන් ධාවනය ප්‍රමාද වූ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.