Spread the love

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙස ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

විශේශයෙන්ම මත්තල ගුවන් තොටුපොළ හිල්ටන් හෝටලය මෙසේ ප්‍රතිව්‍යුහගත කරනවානම් එයට ආයෝජනය කිරීමට පැමිණි අයවලුන්ට එම ආයතන ලබාදීමේදී අනුගමය කල ක්‍රියාපටිපාටිය කුමක්ද?ඒ වගේම සළකා බැලූ නිර්නායක මොනවාද යන්න රටට හෙලිදරව් කළයුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවානම් ඊට සුදුසු සමාගම් හෝ පුද්ගලයින්ට ලබාදිය යුතුබවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවදභාවයකින් සිදුකල යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

තවද පාරදෘශ්‍යභාවයකින් තොරව කඩිමුඩියේ කරන ගනුදෙනුවලට තමා විරුද්ධ බවත් හෙතෙම පැවසීය.

කෙසේවෙතත් රාජ්‍ය ආයතන විකිණීම තමන්ගේ හා ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තය නොවන බවත් ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.