Spread the love

ප්‍රතිපත්තියක් නැති කණ්ඩායම් සමග විවාද කරන්න ජාතික ජන බලවේගය සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එම පක්ෂය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙසේ අදහස් පළ කළේය.

‘සමගි ජන බලවේගයේ පිරිසක් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාද කරන්න අපිට අභියෝග කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැ¾දුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ අපිව හිර කරපු අයම අපට විවාදයකට කතා කරනවා.

ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමඟ ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.’