Spread the love

නාගොඩ සුමන

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නීති සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
2016 අංක 17 දරණ පළාත් සභා පනතින් මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ බව පැවසීය.
එය ක්‍රියාත්මක කිරීම සඳහා සීමා නීර්ණය පිළිබඳ කොමිසමේ වාර්තාව සම්මත විය යුතු වුවත් එම වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
ඒ  පවතින වාතාවරණය යටතේ පෙර පැවති ක්‍රමයට පළාත් සභා මැතිවරණය යළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව පැවසීය.
පැරණි ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණ පැවැත්විය යුත්තේ 1988 පළාත් සභා මැතිවරණ පනතේ විධිවිධාන ප්‍රකාරවයි.
ඒ අනුව ඒ පිළිබඳව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.
ඉන් අනතුරුව අගෝස්තු මාසයේ හෝ ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.