Spread the love

පාකිස්තානයේ ලාහෝර් නුවර දී අද පැවැති 2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය කඩුලු 7කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සිදුවිය.එහිදි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වුණේ, ලකුණු 193ක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුශ්ෆිකුර් රහීම් ලකුණු 64ක් රැස්කළ අතර නායක ෂකීබ් අල් හසන් ලකුණු 53ක් රැස්කළේය.

ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 194ක් රැස්කර ගැනීමට සමත්විය.