Spread the love

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මෙසේ අදින් ඇරඹුන ක්‍රමවේදය ඹස්සේ ජුනි මස 14වන ද මධ්‍යරාත්‍රී 12.00 දක්වා අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරන ලද පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැකි අතර අඩු ආදායම් සහිත 2025 වසරේ ජනවාරි මස 31 වන දිනට වයස 11ට අඩු සිසුන්ට පමණක් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් හිමි වෙයි.

onlineexams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමට හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගැටලු පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 හෝ 011-2 784537 , 0112 786616‍, 0112 784208 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන ඉරුදින පැවැත්වීමට නියමිතය.