Spread the love

පළාත් හතරක වෛද්‍යවරු නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව හෙට (13) වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙට උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.

හෙට දිනයේ විසඳුමක් නොලැබුහොත් අඟහරුවාදා (14) දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් අඟහරුවාදා දිනයේද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් බදාදා (15) උදෑසන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.