Spread the love

ප්‍රංශ රජය විසින් පලස්තීන සහය පළ කරන පෙළපාලි සියල්ල තහනම් කර තිබෙනවා. ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin විසින් නීති කඩ කරන විදේශීය ජාතිකයන් පිටුවහල් කරන බවත් අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායල-හමාස් යුද්ධය යුදෙව් විරෝධී ක්‍රියාවන්හි වැඩිවීමක් වී ඇති නිසාවෙන් යුරෝපීය ආණ්ඩු මේ පියවර ගෙන ඇති බවයි සඳහන්. කෙසේ වෙතත් තහනම නොතකා ඊයේ(12) පැරිසියේ පලස්තීන ගැති පෙළපාලිකරුවන් විශාල පිරිසක් විරෝධතාවේ නිරත වුණා.

”Israel murderer” and “Palestine will win” යනුවෙන් ප්‍රකාශ කරමින් පලස්තීන ධජය ඔසවමින් පෙළපාලිකරුවන් Place de la République විරෝධතාව පවත්වා ඇති අතර 3,000ක් පමණ සිටි රැළිය විසුරුවා හැරීමට ජල ප්‍රහාර භාවිතා කර තිබුණා. විරෝධතාවේ නිරත වෙමින් පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයන් 10දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පැරිස් පොලිසිය කටයුතු කළා.

එමෙන්ම ඉදිරියටත් රජය පනවා ඇති නියෝගය කඩ කරන අය පලස්තීන ගැති පෙළපාලිකරුවන් මහජන සාමය කඩාකප්පල් කිරීමට ඉඩ ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin පොලිසියට උපදෙස් දී ඇත්තේ.