Spread the love

යාපනය හින්දු විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (13) දින පසලේ ගොඩනැගිල්ලක තුන්වෙනි තට්ටුවෙන් බිමට පැන සියිදිවි හානිකරගනීමට ගත් උත්සහයකදී බරපතල තත්වයෙන් අසාද්‍යව රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

අදාල පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ සිට බිමට පැන ඇති අවස්ථාවේදී දෙවැනි තටට්ටුවට ඇද තිබූ විදුලි රැහනක පැටලීමෙන් බිමට වැටීම හේතුවෙන් සිසුවාගේ ජීවිතය බේරී ඇත.

කෙසේ වෙතත් බිමට වැටුනු සිසුවා බරපතලව අසාද්‍ය තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට සිසුදරුවන් ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන ඇති අතර සිසුවාගේ තත්වය බරපතල බවටද රෝහල් වෛද්‍යවරුන් පැවසීය.

මෙම පාසල් සිසුවා සියදිවි හානිකර ගැනීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතරම සිසුවා ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම පරිඝණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීමෙන් දැඩි මානසික ආතතියකින් පෙලී සිටි බවටත් දෙමාපියන් පැවසූ බවටද පොලීසියට අනාවරනය වී ඇත.

එමෙන්ම පාසල් සිසුවා විසින් ලියන ලද පිටු 7කින් යුත් ලිපියක්ද සිසුවාගේ බෑගයේ තිබී හමු වී ඇති අතර එහි ඇත්තේ අදාල පරිඝණක ක්‍රීඩාවේදී තමන්ට ලැබෙන අභියෝගයන් සිදුකිරීමය. මේ හේතුවෙන් අදාල සිසුවාද තට්ටු ගොඩනැගිල්ලෙන් පැනීමට උත්සහ ගත්තේදැයි යන්න සැක සහති බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.