Spread the love

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පරිගණක උපාංග 63ක් තුළ සඟවා මෙරටට රැගෙනවිත් තිබියදී සොයාගෙන ඇත.

ඒ, කටුනායක බහාලුම් අංගන ප්‍රදේශයක් තුළ සිදුකළ වැටලීමදීය.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව වැටලීම සිදුකර ඇත.

ඩුබායි නිපුන නමැති ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බව පොලීසිය සැක කරයි.