Spread the love

කිලිනොච්චිය රමනදපුරම් පොලිස් වසමේ අලගාපූරී ප්‍රදේශයේදී අතිනවීන් තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍ර යොදාගනිමින් රත්තරන් සොයමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කර්ය බලකා කඳවුර නිලධාරීන් පැවසීය.

කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තෙරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාල රක්ෂිත ප්‍රදේශයට ගොස් සිදුකරන ලද සෝදිසි වැටලීමකදී සැකකරුවන් පිරිස ස්කෑනර් යන්ත්‍ර යොදගනිමින් රත්තරන් සොයමින් සිටිදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ස්ථනය යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානයට අයත් අන්බු කඳවුර පිහිටි ස්ථානය බවට සැකපලකරන අතර එම සංවිධානය විසින් වලදමන ලද රත්තරන් සෙයා අදාල සැකකරුවන් මෙම ස්කෑනර් යන්ත්‍ර මගින් සෙවීමට උත්සහ දරා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සැකපල කර සිටීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව අති නීවන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍ර දෙකක්, කාර් රථයක් ඇතුලු උපරකරණද වෙයි.

සැකකරුවන් අතර කොළඹ ප්‍රදේශයේ දෙදෙනෙකුද වන අතර සෙසු සැකකරුවන් කිලිනොච්චියේ පදිංචිකරුවන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රාමනාදපුරම් පොලිස් සථානය වෙතට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලක නිලධාරීන් පියවර ගනු ලැබීය.