Spread the love

විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල් හා විශේෂඥ වෛද්‍ය ඒකක හාරසීයකට වැඩි ප්‍රමාණයක් නුදුරේම වැසී යාමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍යලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් රට හැරයාමට සූදානම් සිටින බවද 2022 වසර ආරම්භයේ සිට මෙතෙක් 1700 සංඛ්‍යාවක් රට ගොස් ඇති බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

සේවාවට ප්‍රමාණයවත් වැටුපක් නොලැබීම නිසා මුහුණ දී ඇති ආර්ථික අර්බුදය, යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීම, රට තුළ පවත්නා අස්ථාවරත්වයත් හේතුවෙන් මෙසේ වෛද්‍යවරුන් රට හැරයාම සිදු කරන බවත් හෙතෙම පැවසීය.

දැනටමත් වෛද්‍යවරු නොමැති වීම නිසා කුඩා රෝහල් විස්සකට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි ද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.