Spread the love

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ තුවැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවක සිදුවී ඇති වාෂ්ප  කාන්දුවක් හේතුවෙන් ආරක්ෂිතව එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම ආරම්භ කර ඇති බවත්  අද සවස් වන එය මුළුමනින්ම ක්‍රියා විරහිත කිරීම සිදුවනු ඇති බවත්  ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති  ඒජීයූ නිශාන්ත  ලංකාසරට පැවසුවේය.

සති දෙකකට ආසන්න කාලයක් මෙම අලුත්වැඩි කාටයුත්ත නිම කිරීමට ගතවනු ඇතැයි පවසන සභාපතිවරයා රජයේ ප්‍රතිපත්තිය කප්පාදුවකින් තොරව විදුලිය ජනනය කිරීම නම් වැඩිමනත් ප්‍රමාණයක් ජල විදුලියෙන් සහ කැලණිතිස්ස නැප්තා බලාගාරයෙන් අනතුරුවත තවත් හිඟයක් වේ නම් එය ඩීසල් බලාගාරවලිනුත් උත්පාදනය කරනු ඇති බව කීවේය.

මේ තත්ත්ව තුළ වැඩි වශයෙන් ඩීසල් ඉන්ධනය හරහා විදුලිය ජනනය සිදුවහොත් විශාල මුදලක් වැය වනු ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති  ඒජීයූ නිශාන්ත  මෙසේ ද පැවසීය.

නිතරම කියපු කාරණයක් තමයි තමන්ගේ කාර්ය භාර්ය  හරියට යාන්ත්‍රික ඉංජිනේරුවන්ට   ආයතනය තුළ නිසි ක්‍රමවේදයක් නෑ කියන එක.   මේ පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕන.  මේ අයගෙන් හරියට රාජකාරි කටයුතු වෙනවද නැද්ද කියලා බැලිය යුතුයි.