Spread the love

නෙළුම් කුළුණ අද සිට ජනතාව සදහා විවෘත කෙරේ. දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල ශ්‍රී ලංකාවේදි දැක ගැනීම් පහසුකම් සැලසෙයි.

විනාඩි 45 වැනි කෙටි කාලයක් තුළදී කැරකෙන අවන් හලේදී මුළු කොළඹම දැක බලා ගැනීමේ හැකියාව ලැබෙයි.

පොලොවේ සිට අඩි 230 ක් උසකින් මෙම ආපන ශාලාව පිහිටා තිබේ.එකවර එහි පුද්ගලයන් 400 රැදිසිටිය හැකි බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

එම අවන්හලෙන් ආහාර වට්ටෝරු 07 යටතේ ආහාර ලබාගත හැකි බව ද වැඩිදුරටත් පැවසුවේය.