Spread the love

ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීමට සහය දක්වන ලෙස බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් සේරා හල්ටන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන්.

එම ඉල්ලීම සිදුකර තිබුණේ පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් හා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවූ අවස්ථාවේදීයි. එම හමුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුව වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබදවද සාකච්ඡා කර තිබෙනවා.