Spread the love

නීතිවිරෝධී දුම්වැටි 600 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් දිවුලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

දිවුලපිටිය, බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවයි.

සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 ක ‍තොගය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පවසයි.