නාගොඩ සුමන
විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් නිෂ්පාදන වල මිළ ගණනද පහළ දැමිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
විදුලි ගාස්තු පහළ දැමීමේ වාසිය ජනතාවට නිසියාකාරව ලැබෙන්නේද යන්න රජය විසින් සොයා බැලිය යුතුය.
විදුලි බිල අඩුවීම ව්‍යාපාරික ප්‍රජාවට,සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට,පාරිභෝගික ප්‍රජාවට සහ ආගමික ස්ථාන වලට විශාල අස්වැසිල්ලකි.
විදුලි බිල අඩුවීම තුලින් භාණ්ඩ මිලද අඩු විය හැකිය.
නිෂ්පාදන ක්‍රියාවලිය තුල විදුලිය ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වීම ඊට හේතුවී ඇතිබව පැවසීය.
විදුලි බිල අඩුවීම හමුවේ ව්‍යාපාරිකයිනට අසීමිත ලෙස ලාභ ඉපයීමට ඇති අවස්ථාව ලබා නොදිය යුතු බව වැඩිදුරටත් පැවසීය.