Spread the love


නිමල් රාජපක්ෂ-

“සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 648ක් වැය කරමින් මෙම වසරේදී නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එමෙන්ම ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියන 578ක මුදලක් වැයකරමින් නිවාස 760ක් වැඩ අවසන් කිරීමට නියමිත ව ඇත.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් අදාළ මුදල් ප්‍රතිපාදන ලැබුණු පසුව මෙම වසර තුළදීම එම නිවාස ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම එම නිවාසවල පදිංචි ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මහා භාණ්ඩාගාර අරමුදල් යටතේ රුපියල් මිලියන 76ක මුදලක් වෙන්කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.
ඊට අමතරව අර්ධ සුඛෝපභෝගී නිවාස ඒකක 560ක් ඉදිකිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 685ක විශාලත්වයකින් යුතු නිවාස 140ක් සහ කාමර තුනේ නිවාස ඒකක 420ක් ඉදිකරනු ඇත.
එම ව්‍යාපෘතිය ඉදිකිරීමට ඉන්දියානු සංවර්ධනකරුවකු වන සී.ඩී.සී කාර්මික ඉන්ෆ්‍රොස් ආයතනය සමඟ පසුගිය වසරේදී ගිවිසුම්ගත වූහ.