Spread the love

නිමල් රාජපක්ෂ 

ශ්‍රී ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථයින් ගේ සංගමය මෙවරත් ”නින්දනේන රාත්‍රිය” සංගීත ප්‍රසංගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 4 වැනිදා සවස 6.30 ට ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුහ.
මේ ප්‍රසංගය සදහා අසහාය ගායක එච්.ආර් ජෝතිපාල මහතා ගායනාකළ හින්දු තනුවලට සිංහලට පරිවර්ථනය කල ආචාර්ය අජන්තාරණසිංහ ,වගේ ගීත රචකයින් පරිවර්ධනය කල ගීත 24 ක් නවපරපුරේ ගායක ගායිකාවන් මගින් ගායනා විශේෂත්වයක් බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්‌ගේ සංගමයේ ජාතික සංවිධායක පියල් පද්මනාථ මහතා පැවසුවේය..
මෙහිදී සුනෙත් උදේරත්න ,මාරියෝ ආනන්ද, බිමල් ජයකොඩි ,බුදධික පේමරත්න වගේ ගායක ගායිකාවන් රාශියක් සුරේන්ද්‍ර පෙරේරා, අමිලා නදීශානි, උරේශා රවිහාරි ,උමාලි තිලකරත්න යන තරණ පරපුරේ ගායික ගායිකාවන් රාශියක් මගින් නින්ද නේන රාත්‍රිය රසවත් කළේය.

\
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තයින් වන අපි ඉගෙනගත් විශ්වවිද්‍යාලයට ප්‍රදීප ප්‍රනාපවල් තුනක් 2016 ,2017 හා 2018 වසර වලදී පවත්වා 160 දෙනෙකුට ප්‍රදීප ප්‍රනාම ජනාධිපති සම්මානය ලබා දීමට කටයුතු කළහ. .මෙවර සෝරත හිමියන්ගේ ලෝකඩ පිළිමයක් ලබා දීමට කටයුතු කළහ.. 2024 වසරේ අප තීරණය කලා මෙවර පනස් දෙනෙකුට ප්‍රදීප ප්‍රනාම සම්මාන ලබාදීමට. .මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රනාම සම්මානය සදහා සෝරථ ස්වාමීන් වහන්සේගෙ පිලිරුවක් සහිත ලෝකඩ පදක්කමක් ලබාදීමේ කාර්ය සිදු කළ බවද පියල් පද්මනාථ මහතා පැවසුවේය.
නින්ද නේන රාත්‍රිය ප්‍රසංගය සම්බන්ධීකරණ කටයුතු ජපුර විද්‍යාර්ථවේදින්ගේ සංගමයේ සභාපති ගාමිණී ද සිල්වා, උපසභාපති ආචාර්ය රවි ලියනගේ , අනුශාසක ඉද්දමල්ගොඩ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කළ බවද පියල් පත්මනාථ මහතා වැඩිදුරටත් පැවසුවේය.