Spread the love

තවත් ඉන්ධන නෞකා දෙකකින් මේවන විට ඉන්ධන ගොඩබාමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

එම නෞකා දෙකේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් තොග ඇතිබව පැවසීය.අඛණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරමින් පවතින බවද පැවසුවේය.

එහෙත් මේවනවිටත් දිවයිනේ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ.මේ අතර ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී බවුසර් වලට අලාභහානි කිරීමට සහ බාධා කිරීමට ජනතාව තවදුරටත් කටයුතු කළහොත් ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

එසේ වුවහොත් තවදුරටත් ජනතාව පීඩාවට පත්වනු ඇතිබව පැවසීය.පසුගිය දින කිහිපයේ ඉන්ධන ප්‍රවාහනය කර බවුසර් කිහිපයකට විවිධ බාධා කිරීම් සිදුවූ බව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය