Spread the love

පෞද්ගලික රෝහලක් විසින් පැරසිටමෝල් පෙත්ත නියමිත මිලට වඩා සියයට තුන්සියයක වැඩි කර විකුණූ බවට එළවූ චෝදනාවක් අධිකරණය හමුවේ පිරිගැනීමෙන් අනතුරුව දඩ මුදලක් නියම කර තිබේ.

මාලිගාකන්ද අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් මෙම දඩ මුදල නියම කර ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ රෝහලකටයි.

අදාළ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත් කාන්තාවකට එම කාලයේදී උපරිම සිල්ලර මිල නොතකා බිල්පතක් නිකුත් කර එම මුදල් අය කරගෙන තිබේ.

රෝහල වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ එම වරද පිලිගෙන ඇත.