Spread the love

නාමල් රාජපක්ෂ මහතා ගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද උදැසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේය නාමල් රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් සමග අද පෙරවරුවේ කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී වූ බවයි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විදෙස් ගත වූයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙර යොදාගත් දින අනුව බවත් පැවසූ ඔහු ඒ සදහා විදේශගත වීමට නියමිතව තිබුනේ මිට සති කිහිපයකට පෙර බවත් පැවසීය.

නමුත් මැතිවරණ කටයුතු වෙනුවෙන් අවසන් දිනය දක්වා කටයුතු කිරීමෙන් පසු මෙසේ විදෙස් ගත වූ ඔහු ඉක්මනින්ම මෙරටට පැමිණෙන බවත් හෙතෙම සදහන් කලේය.