Spread the love

ඕනෑම පක්ෂයක් ඇතුලෙ ඡන්දයට කැමති හා අකමැති පිරිස් ඉන්නවාගඒත් අවසාන තීරණය පක්ෂය ගන්න තීරණය පමණයි’ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

‘ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ උන දෙයක් නෙවෙයි හැත්තෑ පහේ තියන්න ඕනෙ ඡන්දය හැත්තෑහත දක්වා කල් දැමුවා. ඒ වගේම අවුරුදු දාහතක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඡන්ද කල් දැමුවා.

යහපාලන ආණ්ඩුව පලාත්සභා විසුරුවා හැරියා අද වෙනතුරු ඡන්ද නෑ. දැන් පලාත්පාලන ඡන්දෙ නෑ.

ඉතින් එහෙමයි කියලා ඡන්ද පැවැත්වීම නොකර ඉන්න බෑ.

මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා. මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.

පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් මැතිවරණ එපා කියන්න පුළුවන් හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතුයි’

– Repoter