Spread the love

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

නාමයෝජනා භාරගන්නා දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය සමඟ සාකච්ඡා කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.