Spread the love

පවතින නාඩු සහල් හිගයත් සමග සමහර වෙළදුන් නාඩු සහල් සමග කීරි සම්බා මිලදි ගන්නා ලෙස පැවසිමෙන් තමන් දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව පාරිභෝගිකයන් පවසති.

මේ වන විට දිපවාලි උත්සවයද පැමින ඇති බවත් දිපවාලිය සදහා වෙලද පල තුල මේ වන විට පවතින නාඩු සහාල් හිගය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් වෙලදුන් කියති.

නාඩු සහාල් ලබා ගැනිම සදහා වෙලද පලට යන තමන්ට සමහර වෙලද සැල් හිමියන් විසින් නාඩු සහල් ක්‍රිලෝ 10ක් ඉල්ලන විට ඒ සදහා කීරි සම්බා සහල් ක්‍රිලෝ 05ක් ලබා ගත යුතු බවට පැවසන බවත් පාරිභෝගිකයන් කියති.

මෙම තත්වයන් පිලිබදව වෙළද සැල් හිමියන් දෙතුන් දෙනකුම පවසන ලද්දේ මේ වන විට මහ පරිමාන සහාල් තොග වෙලදුන් නාඩු සහාල් තොග නිසි ලෙස ලබා නොදිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

එමෙන්ම සමහර සහල් තොග වෙලදුන් තමන් ඇනවුම් කරන නාඩු සහාල් ලබා දිමේදි එයට සරිලන ලෙස කීරි සහල්ද ලබා ගත යුතු බවට පැවසිමත් සමග තමන්ට නාඩු සහාල් ලබා ගැනිමේදි කීරි සම්බා සහල්ද ලබා ගැනිමට සිදුව ඇති බවත් එසේ ලබා ගන්නා කීරි සම්බා සහාල් නිසි ලෙස විකිනිමට නොහැකි තත්වයක් පවතින බවද ඔවුන් පවසති.