Spread the love

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මහතා පවසයි.

එමෙන්ම, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද ජපාන තානාපතිවරයා පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ. 

එමෙන්ම, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ ජපාන තානාපතිවරයා ඉදිරියටද එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසුවේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ජපානයේ සහාය අපේක්ෂා කරන බවද පැවසුවේ ය.

මෙම හමුවේදී දුෂණය පිටුදැකීමට රජය ගෙනයන ක්‍රියාමාර්ග, ජාතික සංහිඳියාව ආදී කරුණු පිළිබඳව ද ඇගයීමට ලක්විය.