Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් ලබන ජූනි මස 08 දින හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වේ.
මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ පූර්ණ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගිත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගිවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.