අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලාංකිකයින්ට බදු බර අධික වන නව වසරක් බවට පත්විය
ඒ අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද අද (01) සිට 18% තෙක් ඉහළ නංවාළමිනි.
එහිදී මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු වැඩිවීම අදාළ වීම විශේෂත්වයකි.
LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත් වන අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය සඳහාත් වැට් බද්ද පැනවෙයි.
එමෙන්ම රසායනික පොහොර හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද වැට් බද්දට යටත් වේ.
සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති සඳහා ද වැට් බද්ද පැනවේ.
දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරිද වැට් බද්ද වැඩිකරන භාණ්ඩ ලැයිස්තුවට අයත් වෙයි.
එසේම පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ සඳහාද වැට් බද්ද පැනවෙයි.චිත්‍ර ශීල්පීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදී වැට් බද්දට යටත් වනු ඇත.
මෙරටට සංචාරකයන් ගෙන්වීමේදී ලබාදෙන සේවා සඳහා එම සංචාරක ආයතනවලින් ඊට අදාලව ලබාදෙන සේවා සඳහාත් වැට් බදු අයකෙරේ.
චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහාද වැට් බද්ද අලුතින් පනවා තිබේ.
දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර සහ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සඳහාද වැට් බදු අයකෙරෙනු ඇත.එමෙන්ම වැට් බද්ද පනවා නැති භාණ්ඩ සහ සේවා රැසක් ද රජය ප්‍රකාශයට පත් කළේය.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති භාණ්ඩද වැට් බද්දෙන් නිදහස් කර තිබේ.කෙසේ වෙතත් වැට් බද්ද වැඩි වීමත් සමග මිල ඉහළ යන ඇතැම් භාණ්ඩ හා සේවා පිළිබඳ මේ වන විටත් නිවේදනය කර තිබේ.
දුරකථන ජාල සේවා බොහොමයක් සිය බදු ඉහළ නංවා ඇති බව දැනුම් දී තිබේ.එමෙන්ම හෙට සිට සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) ප්‍රකාශ කළේය.
ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ යනු ඇත.
මිලිලීටර් 375ක බෝතලයක් රුපියල් 50කින් ද මිලිලීටර් 180 මත්පැන් බෝතලයක් රුපියල් 20කින්ද ඉහළ නංවා ඇත.