Spread the love

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හඳුනාගෙන ඇතිබව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා නිලධාරි ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා පැවසීය.

මීරිගම, හන්දුරුමුල්ල ප්‍රදේශයෙන් එම මදුරු විශේෂය සොයා ගෙන තිබේ.

ඒ සමගම මෙරටින් හඳුනාගෙන ඇති මඳුරු විශේෂ සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ යන බව වැඩිදුරටත් පැවසීය.