Spread the love

මන්නාරම සිලාවතුර සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 08 දෙනෙකු සහ  යාත්‍රා 02 ක් සමගින් මුහුදු කූඩැල්ලන් 814 ක් 14 වනදා අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.


වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් 114 වනදා සිලාවතුර මුහදු සීමාවේ සිදුකරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රාවකින් ධීවරයින් තිදෙනෙකු විසින් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී දැල් ආම්පන්න යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් 580 ක් අල්ලා සිටියදී එම ධීවරයින් පිරිස හා කිමිදුම් උපකරණද සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබීය.


මේ අතර එදිනම උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වංකාලෙයි මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී ඩිංගි යාත්‍රාවකින් ධීවරයින් 05 දෙනෙකු විසින් නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් 234 ක් අල්ලා සිටියදී නාවික හමුදා භාරයට පත්වීය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වංකාලෙයි, සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 33ත් 54 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන්  සහ මුහුදු කූඩැල්ලන් සමග ධීවර යාත්‍රාද වැඩිදුර පරික්ෂණ කටුයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.