Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ සිට දියතලාව වෙත ධාවනය වෙමින් තිබිය දී දුම්රිය මාර්ගයට ආසන්න කන්නදක කොටසන් නාය ගොස් ධාවනය වෙමින් තිබු දුම්රියට කඩා වැටි තිබේ.

අද උදෑසන 7 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පස් ගා ගල් විශාල වශයෙන් දුම්රිය එංජිම හා මැදිරි වෙත ගැටී ඇත.

කෙසේ වෙතත් දුම්රිය වෙත මෙමගින් විශාල හානියක් නොමැති අතර, මේ වන විටත් එහි පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතු සිදුවන අතර උදෑසන 10.30 පමණ වන විට දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කොට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අපේක්ෂා කෙරිණ.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න

නමුත් අද උදැසන නායයෑමෙන් අවහිර වූ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේවන විට යථාතත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතී.