Spread the love

අලහපෙරුම හා කරුණාදාස කොඩිතුවක්කු මන්ත්‍රීවරු සජබයට එක්ව සිටිති. නිපුන රණවක මහතා නාමල් පිල නියෝජනය කරයි. වීරසුමන වීරසිංහ මහතා සර්ව ජන බලය අපේක්ෂකයාට සහය පල කරන අතර කාංචන විජේසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු පත්ව තිබේ. ඉන් මහින්ද අමරවීර හා අජිත් රාජපක්ෂ යන මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරති. එම දිස්ත්‍රික්කය නියෝජනය කරන නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මන්ත්‍රීවරු වෙනත් අපේක්ෂකයෙක් සදහා සහය පල කරන ස්ථාවරයක කටයුතු කරයි. එම දිස්ත්‍රික්කය නියෝජනය කළ උපුල් ගලප්පත්ති මහන්ත්‍රීවරයා සජබ ට එක්විය.

යාපනය දිස්ත්‍රික්කයේ ඩග්ලස් දේවානන්ද (EPDP), සුරේන්ද්‍ර රාඝවන් (SLPP) යන මන්ත්‍රීවරුන් වන්නි දිස්ත්‍රික්කයේ කාදර් මස්තාන් (SLPP) කුලසිංගම් තිලීපන් (EPDP) යන මන්ත්‍රීවරුන්ගේ සහායද හිමිව ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සතා සිවම් වියලේන්ද්‍රන් (SLPP) සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට (TMVP) යන මහත්වරුන්ද ජනාධිපතිවරයාට මේ වන විට සහාය පල කර තිබේ.

දිගාමඩුල්ල (අම්පාර) දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 03කි. ඉන් විමලවීර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන අතර පොහොට්ටුවෙන් පැමිණි තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා සජබයට ගොස් ඇත. ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා නාමල් පිල නියෝජනය කරයි. ඊට අමතරව එම දිස්ත්‍රික්ක නියෝජනය කරන A.L.M. අතාවුල්ලා (NC) හා S.M.M. මුසාරෆ් (ACMC) රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කර ඇත.