Spread the love

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2023 දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබෙනවා.