Spread the love

රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුලත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

කොළඹ රාජකීය විදුහලේ ද පළමු වසරට දරුවන් ඇතුලත් කිරීම සඳහා මීට පෙර අයදුම්පත් 1500ක් පමණ ලැබුණද මෙවර ලැබී ඇත්තේ අයදුම්පත් පන්සියයක් පමණ බව ද ඔහු පැවසීය.

හොරණ ප්‍රදේශයේ දී ජනප්‍රිය පාසල් කිහිපයක් සඳහා පළමු වසරට ලැබී ඇති අයදුම්පත් ප්‍රමාණය පහළ බැස ඇති බව ද ඔහු සදහන් කරයි.

දෙමව්පියන් දරුවන් බොහෝ පිරිසක් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නට ඇති බව හෙතෙම පැවසීය.

මෙරට අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් මවුපියන් තුළ ඇති විශ්වාසය බිඳවැටීම මීට හේතුව බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙරට අධ්‍යාපන ක්‍රමය සමග චින්තන විප්ලවයක් ඇති කළ යුතු බවත් බවද එසේ නොමැතිව ිසිස්ටම් චේන්ජ් කිරීමට නොහැකි බවත් හෙතෙම තවදුරටත් පැවසීය.