Spread the love

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යවා ඇත..

ඒ අනුව ​අද (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක සඳහන් කළේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පසුගියදා පත්කර තිබිණ.