Spread the love


නිමල් රාජපක්ෂ-

හලාවත සිටි පානදුර බලා ධාවනයවු අංක 803 කාර්යාල සීඝ්‍රගාමි දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි ඉහළ පංතියේ ගමන් කල හා ප්‍රවේශපත්‍ර නොමැති මගින් 16 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 6 දෙනෙකු සිටිබව කොටුව මෙහෙයුම් ඒකකය පවසයි.


පානදුර බලා ධාවනය වු සීඝ්‍රගාමි දුම්රිය පෙරවරු 07.05 පමණ රාගම දුම්රිය ස්ථානයේ නතර කළ අවස්ථාවේ දුම්රියට ගොඩවී දුම්රිය ආරක්ෂක නිලධාරීන් එතැන් සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදුකොට තිබේ.


එහිදී තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ හොද සැපට වාඩිවි සිටි මගින් අතරින් කාන්තාවන්ද එසේ සිටියදී කොටු කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.


කොටුව දුම්රිය ස්ථානයෙන් බස්සවා ගත් මගීන් ගෙන් ඒ මොහොතේම රුපියල් 50800/ දඩ මුදලක් අයකරගෙන තිබේ. ඉතිරි මගීන් හට ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි බැවින් ඇපකර තබාගොස් ඇත.


මගීන් සෑම විටම තමන් ලබාගත් ප්‍රවේශ පත්‍රයට අයත් පංතියේ ගමන් කිරීමට පුරුදු වන්න .එසේ නොමැතිව 3 පංතියේ ප්‍රවේශපත්‍රයක් ලබාගෙන 2 වන පංතියේ ගමන් කොට හසුවුවහොත් තරා තිරම නොබලා දඩුවම් පමුණූවනු ඇත. කිසියම් මගීයකු දඩ මුදල් ගෙවීම පැහැර හැර කලහ කලහොත් ඹවුන් ඒ මොහොතේම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි


දුම්රිිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත , සහකාර අධිකාරි කරුණානායක මහතාගේ මෙහෙයවීමෙන් , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතාගේ අධීක්ෂණය යටතේ , උපපරීක්ෂක අනුරුද්ද, සැරයන්වරුන්වන කිත්සිරි රත්නසිරි ,නන්දන තිලක , පුෂ්ප කුමාර ,හේෂාන් ප්‍රියන්ත,තිලකරත්න ,ආරක්ෂකනිලධාරීන් වන නානායක්කාර , ගුණරත්න ,ආරක්ෂිකාවන්වන සේපාලිකා. සුමුදු , මධුවන්ති යන නිළධාරීහු මෙම වැටලිම සිදු කළහ.