Spread the love


නිමල් රාජපක්ෂ-

බදුල්ල සිට කොළඹ කෙටුව බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියට එඩේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් හැපීමෙන් එහි ගමන් කල පුද්ගලයින් දෙදෙනාම මියගොස් තිබේ.


සිද්ධිය වී ඇත්තේ අද(8) අළුයම 5.30 පමණය .
දුම්රියේ ගැටීමෙන් මෝටර් රථය හැපී මෙන් දැඩි ලෙස හානි සිදුවි තිබේ.
දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ඩ් ලයිට් තිබෙන අතර බෙල් ඇන්ඩ් ලයිට් වදිමින් තිබියදි එන ගණන් නොගෙන දුම්රිය මාර්ගය හරහා ධාවනය කිීරීමේදි මෙම අනතුර සිදු වී ඇතැයිද දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන එම් .ජේ .ඉදිපොලගේ මහතා පවසයි.

අනතුරින්ම මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 54 හැවිරිදි බියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 34 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පුද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක් බව පොලීසිය පවසයි.