නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 32 වන සාමාන්‍යාධිකාරී වරයා ලෙස කටයුතු කල ඉන්ජිනේරු එච්. එම්. කේ. ඩබ්ලිව් .බණ්ඩාර මහතා හදිසියේ ඇති හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වු දුම්රිය සාමාන්‍යාධිකාරී දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ .ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ දේහය අද දින පෙරවරු 9.30 සිට 12.00 දක්වා දුම්රිය මූලස්ථානයේ මහජන ගෞරව දැක්විම සදහා තැන්පත් කොට තිබේ.
ඉන් අනතුරුව අද දහවල් 12.00 පසුව පසුදා (25) හෙට උදේ 8.00 දක්වා දෙමටගොඩ මවුන්ට්මේරි දුම්රිය නිවාසයේ දේහය තබා එතැනින් සවස 4 .00 දක්වා බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ ද අවසන් ගෞරව දැක්විම සදහා තැන්පත් කොට ඇත.
අවසන් කටයුතු 25 වන බ්‍රහස්පතින්දා සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
එතුමා 2023 නොවැම්බර් මස 03 දින සිට මේ දක්වා කාලය තුළ දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කලේය.
මාතලේ විද්‍යා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වන එතුමා , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිය සිවිල් ඉංජිනේරු උපාධියත්, මොරටුව විශ්ව විද්‍යාලය වෙතින් පශ්චාත් උපාධියත් ලබා ඇති අතර, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ වරලත් සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.
1996 වසරේ සහකාර දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වූ එතුමා අනතුරුව වසර 27 ක කාලයක් පුරා දිස්ත්‍රික් ඉන්ජිනේරු වරයෙකු, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු වරයෙකු, ප්‍රධාන ඉංජිනේරු ( මාර්ග හා කර්මාන්ත ) ලෙස මෙන්ම අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම් ) ලෙසින්ද කටයුතු කර ඇත.
වීඩියෝව නරඹන්න