Spread the love


නිමල් රාජපක්ෂ –

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිපලයක් අද(18) දින පැවැති සාකච්ජාවේදි අත් නොවුහෙයින් ක්ෂණිකව වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කල බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය අද දින ලබා දෙන බව 14 සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ලබාදුන් පොරොන්දු මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන ලැබූවත් අපගේ ඉල්ලීම් අද දින සාකච්ජාවට නොගැනීම නිසා ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යාමට තීරණය කල බවද සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.